hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2022 මැයි 08, ප.ව. 4:31



යාපනය වේලනෙයි ප්‍රෙද්ශයේ පිහිටි අනාරක්ෂිත ළිඳකට වැටී 11 හැවිරිදි දැරියක් ඊයේ (07) සවස මිය ගොස් ඇති බවට කයිටස් පොලීසිය පවසයි.

වේලනෙයි සර්වණෙයි ප්‍රදේශයේ පදිංචි අදාල දැරිය ඊයේ දින දෙමාපියන් වෙතට දිය නෑමට යන බව පවසා නිවසෙන් බැරව ගොස් ඇති අතර ආපසු දැරිය නිවසට නොපැමිණීම හේතුවෙන් නිවැසියන් සිදුකරන ලරික්ෂාවකදී දැරිය ළිඳට වැටී ඇති බවට අනාවරනය වී තිබෙනවා.

පසුව එම අවස්ථාවේදීම නිවැසියන් ළිඳෙන් ගොඩට ගෙන යාපනය ශික්ෂණ රෝහලට ඇත්ලත කලද ඒ වන විටත් දැරිය මිය ගොස් සිටි බවට රෝහල් වෛද්‍යවරුන් පවසා තිබෙනවා.

දැරිය දිය නෑමට ළිඳ ළඟට ගොස් ළිඳෙන් දිය ගැනීමට උත්සහ ගනිද්දි පය ලිස්සා ළිඳට වැටී දියේ ගිලීමෙන් මෙම මරණය සිදුව ඇති බවට සැක පලකරන්නේ යැයි පොලීසය පවසයි.

මෙලෙස ළිඳට වැටීමෙන් මිය ගොස් ඇත්තේ සර්වනෙයි ප්‍රදේශයේ පදිංචිව සිටි 11 හැවිරිදි රූබන් ජදූසා නැමති දැරියක් වන අතර කයිට්ස් පොලීසිය සිද්දිය සමබන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරයි.