hit counter

2025 ජූනි මස 17 වන අඟහරුවාදා

2022 මැයි 08, ප.ව. 4:39



කිලිනොච්චිය පොලිස් වසමේ සෙල්වනගර් ප්‍රදේශයේ පිහිටි කෝවිලක් ආසන්නයේ තිබී පුද්ගල මළ සිරුරක් ඊයේ (07) දින හමු වී ඇතැයි පොලීසිය පවසයි.

සෙල්වනගර් අයියප්පන් හින්දු කෝවිල ආසන්නයේ ගොඩනැගිල්ලක් තුල පුද්ගලයෙකු වැටී සිටිනු ප්‍රදේශවාසියෙකු විසින් දැක පරික්ෂා කිරීමේදී අදාල පුද්ගලයා ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් ඒ පිළිබඳව කිලිනොච්චිය පොලීසියට දැනුම් දී තිබෙනවා.

පසුව පොලීසිය අදාල ස්ථානය පැමිණ පරික්ෂා කිරීමේදී එම පුද්ගලයා එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවට අනාවරනය වී තිබෙනවා.

අදාල පුද්ගලයා මිය යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය වෙනුවෙන් කිලිනොච්චිය මහරෝහලට රැගෙන ගොස් තිබෙනවා.

මෙලෙ මිය ගොස් ඇත්තේ කිලිනොච්චියේම පදිංචි 43 හැවිරිද ලාලසිංහම් සංකර් නැමත්තෙක් වන අතර කිලිනොච්චිය පොලීසිය වැඩිදුර පිරික්ෂණ සිදුකරයි.