hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2022 මැයි 11, ප.ව. 4:44



බිරිඳ විසින් කොස් කැඩීමට ගසකට නැංග වූ මුලතිව් – කණුක්කේණී ප්‍රදේශයේ වයෝවෘද්ධ සැමියෙකු කොස් ගසෙන් ඇද වැටී සිද්ධිය වූ ස්ථානයේදී ම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වයස අවුරුදු 73 ක් වූ තම්බුපිල්ලේ කනකරාසා නමැති මෙම වයෝවෘද්ධ පුද්ගලයා දිවා ආහාරය සඳහා පිසීමට කොස් ගෙඩියක් කැඩීම වෙනුවෙන් නිවසෙහි ඉඩමේ පිහිටි කොස් ගසට නැග ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුව ඇත්තේ කොස් ගසට නැග සිටි අවස්ථාවේ දී මෙම පුද්ගලයාගේ පය ලිස්සා බිම ඇද වැටීමෙන්.

මුලතිව් – මුල්ලියාවලෙයි පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වනවා.