2022 මැයි 16, ප.ව. 2:33
මන්නාරම සවුත්බාර් ප්රදේශයේ කලපුවක මසුන් අල්ලමින් සිටියදී ජලයට වැටී අතුරුදහන් වූ ධීවරයාගේ මළසිරුර ඊයේ (15) දින හමුවී ඇති බවට මන්නාරම පොලීසිය පවසයි.
පසුගිය 14 වනදා සවුත්බාර් ප්රදේශයේ ධීවරයින් තිදෙනෙකු ධීවර යාත්රාවක් ආධාරයෙන් මසුන් අල්ලමින් සිටියදී එක් ධීවරයෙකු හදීසියේම ජලයට වැටී අතුරුදහන්වී තිබෙනවා.
අනතුරව ධීවරයින් හා මන්නාරම් පොලීසියද එක්ව අතුරුදහන් වූ ධීවරයා සෙව්වද හමුනොවීම හේතුවෙන් 14 වනදා දිනය පුරා නාවික හමුදාවේද සහය ඇතිව ධීවරයා සෙව්වද හමු වී නැහැ.
කෙසේ වෙතත් ඊයේ (15) දින මන්නාරම් ධීවරයෙකු මසුන් ඇල්ලීම සඳහා අදාල කලපු ප්රදේශයට ගොස් සිටියදී සිරුරක් කලපු ජලයේ පාවෙමින් තිබෙනු දැක ඒ පිළිබඳව පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව ධීවරයාගේ සිරුර ගොඩට ගැනීමට පියවර ගෙන තිබෙනවා.
එම මළසිරුර 14 වනදා දියට වැටී අතුරුදහන් වූ ධීවරයා බවට හඳුනා ගෙන ඇති අතර මළසිරුර මන්නාරම රෝහලට රැගෙන යාමට පියවර ගෙන තිබෙනවා.
මෙලෙස දියේ ගිලීමෙන් මරණයට පත්ව ඇත්තේ මන්නාරම එමිල්නගර් ප්රදේශයේ පදිංචි 29 හැවිරිදි ක්රිෂ්ටෝපර් ජැකලීන් නැමති ධීවරයා බවට හඳුනා ගෙන ඇති අතර මන්නාරම පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.
2023 දෙසැම්බර් 07, ප.ව. 2:45
2023 ඔක්තෝබර් 17, පෙ.ව. 10:33
2023 ඔක්තෝබර් 08, ප.ව. 8:45
2023 සැප්තැම්බර් 18, ප.ව. 8:56
2023 සැප්තැම්බර් 17, ප.ව. 8:19