hit counter

2026 මාර්තු මස 04 වන බදාදා

2022 ජූනි 16, පෙ.ව. 10:03



කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් යා කරමින් හැඳල සහ මට්ටක්කුලිය අතර කැළණි ගග හරහා ඉදිකර ඇති පාලමින් න් පස්හැවිරිදි පිරිමි දරුවෙකු කැළණි ගඟට තල්ලු කර දැමූ කාන්තාවක් වත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම කාන්තාව ඊයේ රාත්‍රී 7.20. පමණ දරුවා තල්ලු කර ඇයද ගඟට පැනීමට උත්සහ දැරූ අවස්ථාවේදී එය දුටු මාර්ගයේ ගමන් කරමින් සිටි පිරිසක් ඇගේ උත්සහය නවත්වා දමා තිබෙනවා.

පොලිස් නිලධාරීන් අදාල කාන්තාව රැගෙවිත් මුර පොළෙහි රඳවාගෙන සිටියදී සිද්ධිය දැනගත් මට්ටක්කුලිය ප්‍රදේශවාසින් පිරිසක් ඇයට පහරදීමට උත්සාහ කර තිබෙනවා.

නමුත් නාවික හමුදා නිලධාරීන්ගේ සහය ඇතිව එය වලක්වා ගෙන කාන්තාව පොලිසියට රැගෙන විත් තිබෙනවා.

මේ අතර අවට ඩිංගි ධීවර යාත්‍රා යොදා ගනිමින් මගින් දරුවා සෙවීමේ කටයුතු වල මේ මොහොත වන විටත් උත්සාහ දරමින් සිටිනවා.