hit counter

2025 ඔක්‍තෝබර් මස 19 වන ඉරිදා

2022 ජූනි 18, ප.ව. 4:35



මව විසින් පසුගියදා කැලණි ගඟට දැමු සිය පස් හැවිරිදි දරුවාගේ සිරුර වෙන්නප්පුව මුහුදු තීරයේ තිබී සොයාගෙන තිබෙනවා.

එම සිරුර ඊයේ රාත්‍රියේ එම වෙරළ තීරයට ගොඩගසා තිබු බවයි පොලිසිය සඳහන් කළේ.

සිය පස්හැවිරිදි දරුවා ගඟට තල්ලු කර තමන් ද ගඟට පැනීමට අදාළ මව පසුගියදා උත්සහ කළ අතර පසුව අදාළ කාන්තාව වත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළා

ඒ පසුගිය 15 වන දිනයි.

දරුවා කැලණි ගඟට විසිකිරීමෙන් අනතුරුව මවද ගඟට පැනීමට උත්සහ දරා තිබූ අතර එය දුටු මාර්ගයේ ගමන් කරමින් සිටි අයෙක් ඇගේ උත්සහාය නවත්වා තිබූ බවයි වාර්තා වූයේ.