hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2022 ජූලි 01, ප.ව. 3:40



මවක්, සිය දියණිය සහ පුතු සමග ඇඹිලිපිටිය – චන්ද්‍රිකා වැව සොරව්ව අසලින් වැවට පැනීමෙන් පස් හැවිරිදි දියණිය ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මව සහ පුතා ඇඹිලිපිටිය පොලීසියේ ජිවිතාරක්ෂක කණ්ඩායම් විසින් මුදාගෙන රෝහල් ගත කර ඇති අතර, මව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සඳහන් කළේ.

11 හැවිරිදි පුතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මව මෙලෙස සියදිවි හානි කර ගැනීමට තැත් කිරීමට හේතුව මෙතෙක් නිෂ්චිතව අනාවරණ වී නැහැ.

මෙම කාන්තාව මානසික ආබාධයකින් පෙළෙන අයෙකු බවත් පියා හම්බෙගමුව ප්‍රදේශයේ රැකියාවක් කරන අයෙක් බව වාර්තා වෙනවා.

ඇඹිලිපිටිය – ප්‍රගීත් ජනක