hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2022 ජූලි 04, ප.ව. 6:14



රඹුටන් ඇටයක් උගුරේ සිරවීමෙන් යාපනය, කන්කසන්තුරෙයි කොල්ලන්කලන්ඩි ප්‍රදේශයේ පදිංචි අවුරුදු 10ක් වයසැති දරුවෙකු ඊයේ (03) සවස මිය ගොස් ඇතැයි කන්කසන්තුරෙයි පොලීසිය පැවසුවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ පිරිමි දරුවෙක්.

දරුවා රඹුටන් කමින් සිටි අවස්ථාවේ රඹුටන් ඇටය සිරවී ඇති අතර රඹුටන් ඇටයක් උගුරේ සිර වී හුස්ම ගැනීමට නොහැකිව අසනීප වී ඇති අවස්ථාවේදී දෙමාපියන් රඹුටන් ඇටය උගුරේ සිරවී ඇති බව නොදැන තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කොට තිබෙනවා.

දරුවා රෝහලට ඇතුලත් කලද හුස්ම ගැනීමට අපහසු බව දෙමාපියන් පවසා ඇතත් රඹුටන් කෑම පිළිබඳව හෝ වෛද්‍යවරුන්ට එම අවස්ථාවේදීම නොපැවසීම මත දරුවාගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වී ඇතැයිද රෝහල් වෛද්‍යවරුන් වැඩිදුරටත් පවසා සිටියා.

වන්නි – රොමේෂ් මධුෂංඛ