hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2022 ජූලි 10, ප.ව. 5:24



භුමිතෙල් වෙනුවට පෙට්‍රල් දමා ලිපට ගිනි ඇවිලීමට යාමේදී ඇදුම්වලට ගිනි ඇවිලී බරපතල පිලිස්සුම් තුවාල ලැබූ සිව් දරු මවක් මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවති හදිසි මරණ පරික්ෂණයේදී අනාවරණය වී තිබෙනවා.

මියගොස් ඇත්තේ හින්දෙනිය පතිරන්නැහැලාගේ නිලුකා ප්‍රියදර්ශනි නැමති වලකාවිට අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකාරියක්.

ඇය පුද්ගලික ආරක්ෂක අංශයක සේවය කරන තැනැත්තියක්.

මියගිය සිව් දරු මවගේ හදිසි මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරික්ෂක මහේෂ් ධර්මරත්න මහතා විසින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි සිදු කර තිබෙනවා.

ඉකුත් 06 වැනි දින අලුයම මියගිය සිව් දරු මව මුළුතැන්ගෙයි ලිප ගිණි මෙලවීමට ගොස් තිබෙනවා.

එහිදී භුමිතෙල් වෙනුවට ප්‍රෙටල් දමා ගිනි ඇවිලීමට යාමේ දි ඇය ඇද සිටි ඇදුම්වලට ගිනි ඇවිලීමෙන් බරපතල පිලිස්සුම් තුවාල ලබා  ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට තිබෙනවා.

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි 08 වැනිදා මියගොස් තිබෙනවා.

ගාල්ල – ලලිත් චාමින්ද