hit counter

2025 පෙබරවාරි මස 05 වන බදාදා

2022 අගෝස්‍තු 18, ප.ව. 12:46



පාසල් ළමුන් ඉලක්ක කරගෙන කේරළ ගංජා විකුණමින් සිටි පුද්ගලයකු තලංගම, තලවතුගොඩ සාලින්ද දිසානායක මාවතේ දී  අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

සැකකරු සමඟ කේරළ ගංජා ග්‍රෑම්122 මිලිගෑම් 710ක්, විද්‍යුත් තරාදියක් මුදල් රුපියල් 13,500 සහ යතුරු පැදියක් පොලිසියේ භාරයට ගෙන තිබෙනවා.

යතුරු පැදියකින් ගමන් කරමින් පාසල් ළමුන් ඉලක්ක කරගෙන කේරළ ගංජා විකුණන පුද්ගලයකු පිළිබඳ පොලිස් විශේෂ කාර්යය බලකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරින්ට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රත්මලාන ප්‍රදේශයේ පදිංචි සැකකරු වයස අවුරුදු 47 ක පුද්ගලයෙකි

උතුර විමර්ශන සඳහා තලංගම පොලිසිය වෙත භාරදී තිබෙනවා.

විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත  බුද්ධි කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක දනුශ් රණසිංහ මහතා සුළු කණ්ඩායමක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බණ්ඩාරගම – බිමල් ශ්‍යාමන්