hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2022 නොවැම්‍බර් 14, පෙ.ව. 10:57



රත්නපුර හිදැල්ලන ප්‍රදේශයේදී 24 හැවිරිදි කුරුවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ඝාතනය කර තිබෙනවා.

අදාළ තරුණයා හිදැල්ලන ප්‍රදේශයේ කාන්තාවක් සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර ඇය හමුවීමට නිවසට ගිය අවස්තාවේ කාන්තාවගේ ස්වාමිපුරුෂයා විසින් පහරදීමක් සිදුකර ගසක බැඳ තැබීමට කටයුතු කර ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් ලද තොරතුරක් මත රත්නපුර පොලීසිය විසින් පහරකෑමට ලක්වූ තරුණයා රෝහල්ගත කිරීමෙන් පසු ඔහු මිය ගොස් තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ 37 හැවිරිදි සැකකරු රත්නපුර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.