hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2022 නොවැම්‍බර් 24, ප.ව. 2:03



සිය දියණිය ළදරු පාසලට රැගෙන යමින් සිටි එක් දරු තරුණ මවක පොල්පිතිගම තල්පත්වැව ප්‍රදේශයේ දි ගෙල කපා මරාදමා ඇතැයි පොලිසිය කියයි.

මෙසේ ඝාතනය ලක්ව ඇත්තේ පොල්පිතිගම වඩුපොළ යාය ප්‍රදේශයේ පදිංචි ජී.ජේ. දිනුෂිකා මධුවන්ති නමැති කාන්තාවක්.

පා පැදියකින්  සිය දරුවා ළදරු පාසලට රැගෙන යමින් සිටියදී  යතුරු පැදියකින් පැමිණ මාර්ගය හරස් කර මෙම අපාරාධය සිදු කර ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඝාතනයට ලක් වූ කාන්තාවගේ සැමියා පොලිසිය සොයයයි.