hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2023 අප්‍රේල් 29, ප.ව. 8:50



කටාන ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයාව අභිරහස් ලෙස ඝාතනය කර ඇති බව වාර්තා වනවා.

 හිටපු උප සභාපතිවරයාව වනාතවිල්ලුව ප්‍රදේශයේ ඔහුට අයත් වතු යායක මුරකුටියක් තුළ අභිරහස් ලෙස ඝාතනය කර සිටියදී වනාතවිල්ලුව පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.

නමින් පීටර් හපුආරච්චි වන ඔහු වයස අවුරුදු 76ක් වන තිදරු පියෙක්.

එමෙන්ම ඔහු හිටපු විදුහල්පතිවරයෙකුද වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වනාතවිල්ලුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.