hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ජූනි 28, ප.ව. 4:07



පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් 21 හැවිරිදි  තරුණියක් තියුණු ආයුධයකින් කපා කොටා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියකට  සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය පවසනවා.

බරපතළ තුවාල ලැබූ තරුණිය ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවත්  ඇයගේ තත්ත්වය බරපතළ බවත් පොලිසිය කියයි.

මෙම තරුණිය ඊයේ (27) රාත්‍රී සවස රැකියාවට ගොස් යළි නිවස කරා එමින් සිටියදී  සිද්දමුල්ල පැලන්වත්ත සමගි මාවත ප්‍රදේශයේ දී මහමග  සැඟව සිටි පුද්ගලයෙකු මග හරස් කොට තරුණිය සමඟ  බහින් බස් වීමක් ඇති වී පසුව එය දුරදිග යාමෙන් අත දරා සිටි මන්නයකින් කපා කොටා බරපතළ තුවාල සිදුකර තිබුණා.

පසුව බරපතළ තුවාල ලබා සිටි පැලැන්වත්ත සමගි වන ඉසුරු මාවතේ පදිංචි  තරුණිය ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික  රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවත් ඇය මේ වන විට ශල්‍ය කර්මයකට භාජනය කොට ඇති බවත් පැවසෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් 119 හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී ඊට යාබද ඉඩමේ පිහිටි දුරකථන සංඥා කුළුණකට නැඟ සිටියදී  සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

සැකකරු එම දුරකථන සංඥා  කුලුනේ ආරක්ෂක නිලධාරියකු ලෙස සේවය කරන අතර  සිද්ධියත් සමඟ ප්‍රදේශවාසීන් ඔහුට පහර දීමට තැත් කිරීමේදී  අඩි හැටක් පමණ උසින් යුත් දුරකථන සංඥා කුළුණෙ අඩි 20 පමණ  උඩට නැඟ බේරී ඇති බවත් පොලිසිය මහත් පරිශ්‍රමයක් දරා සැකකරු කුළුණෙන් බිමට බස්සවා පොලිසියට රැගෙන ආ බවත පැවසෙනවා.

පසුව පහරදීමට භාවිතා කළ මන්නය ද පොලිස් බාරයට ගෙන තිබෙනවා.

පහර කෑමට ලක් වූ තරුණිය ගේ පියා හා සැකකරු අතර කලක සිට පවතින ආරවුලක් මෙම පහරදීමට හේතුව බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය පවසනවා.

පන්නිපිටිය පැලැන්වත්ත සමගි මාවත ඉසුරු උයනේ පදිංචි (43) හැවිරිදි සැකකරු (28) දා කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් පිලියන්දල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.