hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2023 ජූලි 05, ප.ව. 4:29



රක්වාන ප්‍රදේශයේ ලැඟුම්හලක නාන කාමරයක එල්ලෙමින් තිබියදී තරුණියකගේ මළ සිරුරක් පොලිසිය විසින් ඊයේ(04) සොයා ගෙන තිබෙනවා.

එම තරුණිය තරුණයෙකු සමඟ පැමිණ ඇති අතර තරුණයා රාත්‍රී ආහාර ගෙන ඒම සඳහා ලැඟුම්හලෙන් පිටතට ගොස් ඇති බව සඳහන්.

තමන් ආහාර රැගෙන නැවත ලැඟුම්හලට පැමිණෙන විට එම තරුණිය ඇඳ සිටි ඇඳුමේ කොටසකින් නානකාමරේ එල්ලී සිටි බවයි තරුණයා පොලිසියට පවසා ඇත්තේ.

අනතුරුව තරුණයා මේ පිළිබඳව ලැඟුම්හලේ සේවකයින්ට දැනුම්දී, ඇයව රෝහල් ගත කිරීමට අදාළ තරුණයා පියවර ගෙන තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 22ක් ව තරුණියක් වන අතර අනෙක් තරුණයා 23 හැවිරිදි පුද්ගලයෙක්.

කෙසේ වෙතත් මෙම සිදුවීම ඝාතනයක්ද නැතිනම් සියදිවි නසා ගනීමක්ද යන්න පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.