hit counter

2025 මැයි මස 10 වන සෙනසුරාදා

2023 ජූලි 07, ප.ව. 12:02



ග්‍රෑන්ඩ්පාස් නාගලන් වීදිය ගෑස් වෙළඳ සැලක් තුළ දී “නාගලන් වීදිය කුඩු නිලු” නමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියගේ පුත්‍රයාව තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙකු පෙරේදා (06) රාත්‍රී අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය සඳහන් කළා.

එම සැකකරුවන් සමඟ ඝාතනයට යොදාගත් කඩු දෙකක් සහ ත්‍රිරෝද රථයක් ද පොලිස් බාරයට ගෙන තිබෙනවා.

මෙම සිද්ධියෙන් ඝාතනයට ලක් වූයේ වැල්ලම්පිටිය වදුල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී සෙල්වකුමාර් ශමාල් සසිදු නැමැති 25 හැවිරිදි තරුණයෙක්.

ඝාතනයට ලක්වූ තරුණයා ඉකුත් 5 වෙනි දින තවත් පිරිසක් සමඟ ත්‍රීරෝද රථයකින් ග්‍රෑන්ඩ්පාස් නාගලම්විදිය ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදී සැකකරුවන් තියුණු ආයුධ ඇතැතිව තිරෝද රථය පසුපස හඹා ඒමත් සමගම  සැකකරු එයින් බිමට පැන වෙළඳ සැලක් තුළට දිව යාමත් සමඟම පසුපස හඹා හා සැකකරුවන් තියුණු ආයුධවලින් අමානුෂික ලෙස පහර දී පළා ගොස් තිබුණා.

අනතුරුව එහි සිටි පිරිස බරපතළ තුවාල ලබා සිටි පුද්ගලයා ව පුද්ගලයව කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කරන විටත් මියගොස් තිබුණා.

මෙම පහරදීමට හේතුව මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇති වූ මුදල් ආරවුලකට මීට මාස කීපයකට කීපයකට ඉහතදී ඝාතනයට ලක්වූ පුද්ගලයා තවත් පුද්ගලයකුට මේ ආකාරයෙන්ම තියුණු ආයුධවලින් පහරදී බරපතළ තුවාල සිදු කිරීම බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ප්‍රධාන සැකකරු එම පුද්ගලයා බව පොලිසිය කියයි.

ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එච්.හැරිසන් මහතා පොලිස් කණ්ඩායමක් කීපයක් යොදවා සිටියදී සැකකරුවන් නීතිඥවරයකු මගින් භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලම්පිටිය නාග ලං වීදිය සහ වෙන්නවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන්.

සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එච්.හැරිසන් මහතාගේ උපදෙස් මත නිළධාරින් පරික්ෂණ පවත්වනවා.