hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 ජූලි 16, ප.ව. 3:16



හැටන් – කොළඹ සහ මහනුවර ප්‍රධාන මාර්ගයේ හැටන්, මල්ලිඅප්පුව ප්‍රදේශයේ පිහිටි බස් නැවතුම්පොළක් තුළ තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් අද (16) සොයාගත් බව හැටන් පොලිසිය පැවසුවා.

බස් නැවතුම්පොළ තුළ තුවාල සහිතව පුද්ගලයෙකු බිම වැතිරී සිටින බවට එම බස් නැවතුම්පොළ වෙත පැමිණි මගියෙකු විසින් හැටන් පොලිසියට කරන ලද දැනුම් දීමක් මත සිරුර සොයා ගෙන තිබෙනවා.

ඊයේ (15) පස්වරුවේ සිට ම මිය ගොස් සිට ඇති බවට සැක කෙරෙන අදාළ පුද්ගලයා එම ප්‍රදේශයේ සැරිසරමින් සිටි බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය පැවසුවා.

සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.