hit counter

2026 ජනවාරි මස 23 වන සිකුරාදා

2023 අගෝස්‍තු 02, ප.ව. 1:09



කඩුවෙල වැවපාර ලදු කැලෑවක් තුළ නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ නිරුවත් මළ සිරුරක් මීට සුළු මොහොතකට පෙර දී හමුවූ බව කඩුවෙල පොලිසිය කියයි.

වයස අවුරුදු 30ත් 40ත් අතර වියේ පසුවන්නෙක් බව සැක සිතිය හැකි යැයි පොලිසිය සඳහන් කරනවා.

සිරුරේ තැන් තැන්වල පහර දීමේ සලකුණු බවට සැක කළ සැකකළ හැකි සලකුනු දක්නට ඇතැයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කරනවා.

මේ වන විට එම ස්ථානයේ පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර නුගේගොඩ අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ නිලධාරීන් මෙන්ම මහේස්ත්‍රාත් පරීක්ෂණයක් ද පැවැත්වීමට නියමිතයි.

කඩුවෙල පොලිසිය පරීක්ෂණ පවත්වයි.