2022 නොවැම්‍බර් 29, ප.ව. 12:59
මිතුරෙකුගේ උපන්දින සාදය සැමරිමට නෝටන්බ්‍රිජ් ඇබඩින් දිය ඇල්ලට ගිය තරුණයෙකු ඇළෙහි ගිලී ඊයේ (28) අතුරුදහන්ව සිටි තරුණයාගේ සිරුර ඇබඩින් දිය ඇල්ල පාමුල ඇළෙහි අඩි 15 පමණ ගැඹුරින් තිබි අද (29) ගොඩගත් බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විරාජ් විතානගේ මහතා පැවසුවා.
මෙසේ ඇබඩින් දිය ඇල්ලේ දින නැමට ගොස් ජිවිතක්ෂයට පත් වි ඇත්තේ බගවන්තලාව ලින්ස්ටඩ් වතුයායේ ඉහල කොටසේ පදිංචි ක්‍රිෂ්ණන් විනුෂාන් නැමති 17 හැවිරිදි තරුණයෙක්.
දියේ ගිලි ජිවිතක්ෂයට පත් තරුණයා ගිනිගත්හේන නගරයේ සුපිරි වෙලදසැලක වෙලද සේවකයෙකු වශයෙන් කටයුතු කර ඇති බවත්, එම වෙලදසැලේ සේවය කරන තවත් සේවකයෙකුගේ උපන් දිනය ඊයේ (28) දිනට යෙදී ඇති නිසා එම උපන් දිනය සැමරිමට එම වෙලදසැලේ සේවය කරන සේවකයින් දෙදෙනෙකු සමග ඇබඩින් දිය ඇල්ල අසලට ගොස් දිය නෑමට ඇළට බැස ඇති අවස්තාවේ ඊයේ (28) දින උදෑසන 11.00 ට පමණ ක්‍රිෂ්ණන් විනුෂාන් දියේ ගිලි අතුරුදහන් වි තිබෙනවා.
ඇබඩින් දිය ඇල්ල පාමුල දියේ ගිලි අතුරුදහන් වු තරුණයාගේ සිරුර සොයා ගිනිගත්හේන පොලිසිය සහ ප්‍රදේශවාසින් එක්ව මෙහෙයුමක් දියත් කර තිබුණද ඇබඩින් දිය ඇල්ල පාමුල විශාල ගැඹුරකින් යුක්ත නිසා සිරුර සොයා ගැනිමට නොහැකි වු නිසා අද (29) දින ලක්ෂපාන යුධ හමුදා කදවුරේ භට පිරිස් , ගිනිගත්හේන පොලිසියේ නිලධාරින් සහ ප්‍රදේශවාසින් එක්ව සිදු කල මෙහෙයුමකින් සිරුර සොයාගැනිමට හැකි වු බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසුවා.
ගොඩගත් සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව ගිනිගත්හේන පොලිසිය සඳහන් කළා.
2023 දෙසැම්බර් 07, ප.ව. 2:45
2023 ඔක්‍තෝබර් 17, පෙ.ව. 10:33
2023 ඔක්‍තෝබර් 08, ප.ව. 8:45
2023 සැප්‍තැම්‍බර් 18, ප.ව. 8:56
2023 සැප්‍තැම්‍බර් 17, ප.ව. 8:19