hit counter

2024 නොවැම්‍බර් මස 27 වන බදාදා

2023 මැයි 07, ප.ව. 3:22



ඇල්පිටිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් මිය යාමේ සිද්ධිය ඝාතනයක් බවට පිටිගල පොලීසිය විසින් අනාවරණ කරගෙන තිබෙනවා.

පොලීසිය පවසන්නේ ඇයගේ රක්ෂණ වන්දිය ලබා ගැනීම සඳහා සැමියා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට සැක කරන බවයි.

පිටිගල මානමිපිට, තල්ගස්වල නියාගම ප්‍රාදේශිය සභාව අසල මාර්ගය අයිනේ රැඳී සිටි කාන්තාවක් පසුගිය 30වනදා සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වුණා.

ඒ සම්බන්ධයෙන් පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ එය ඝාතනයක් බවයි.

අනතුරුව සැකපිට අදාළ කාන්තාවගේ ස්වාමිපුරුෂයාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී අනාවරණ වී ඇත්තේ ඇයගේ රක්ෂණ වන්දිය ලබාගැනීම සඳහා මෙම ඝාතනය කර ඇති බවයි.

මියගිය කාන්තාව 40 හැවිරිදි වියෙහි පසුවන අතර ඇයගේ සැමියා 25 හැවිරිදි වියෙහි වෙනවා.

Example Image