hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 ජූලි 12, ප.ව. 12:01



හතරලියද්ද ටැම්පිට විහාරස්ථානයේ විහාරාධිපති මුරුද්දෙනියේ සීලරතන හිමි අභිරහස් ලෙස මියගොස් තිබෙන අතර උන්වහන්සේගේ සිරුර විහාරස්ථානයට පැමිණෙන නාගහමුලකන්ද මාර්ගයේ තිබී ප්‍රදේශවාසීන් ගේ සහය මත පොලීසිය ඊයේ (12) පෙරවරුවේ සොයාගෙන තිබෙනවා.

මියගිය හිමිනම තුම්පනේ පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක ලෙස කටයුතු කර තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබෙනවා.

සිවුර වෙනුවට සරමක් හා ටී ෂර්ට් එකක් ඇඳ තොප්පියක් පැළඳ සිටි හිමිනම රාත්‍රි කාලයේ කවුරුන් හෝ හමුවීමට විහාරස්ථානයෙන් පිටතට ගොස් තිබෙන අතර මෙය ඝාතනයක් බවට පොලීසිය සැක කරනවා.

මියගිය හිමිනම 67ත් හැවිරිදි වියේ පසුවන අතර මළ සිරුර ආසන්නයේ තිබී එළවළු මල්ලක් ද පොලීසිය සොයාගෙන තිබෙනවා.

මෙය ඝාතනයක්ද යන්න සැක සහිත බවත් යමක් ස්ථිරව ප්‍රකාශ කළ හැක්කේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව බව හතරලියද්ද පොලිසීය පවසනවා.