hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 නොවැම්‍බර් 02, ප.ව. 12:07



හික්කඩුව තිරාණගම ප්‍රදේශයේ දි ඝාතනයට ලක්වු පුද්ගලයින් දෙදෙනා මියගොස් ඇත්තේ පපුවට හා මොලයට වු වෙඩි ප්‍රහාරවලින් බව පශ්චාත් මරණ පරික්ෂණවලදි අනාවරණය වි ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර මහතා පවසයි.

ඝාතනයට ලක්වු පුද්ගලයින් දෙදෙනාගේ මෘතදේහයන් එක්ස්රේ පරික්ෂාවට ලක්කල බවත් යතුරුපැදියේ පිටුපස වාඩිවිගිය  පුද්ගලයාගේ පපුවට වෙඩි උණ්ඩ තුනක් සහ යතුරුපැදිය පැදවු පුද්ගලයාගේ හිසට පපුවට හා කොන්ද යන ප්‍රදේශවලට වෙඩි උණ්ඩ 07ක් පමණ වැදි තිබු බවද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පවසයි. 

මෙම පුද්ගලයින් දෙදෙනාගේ සිරුරුවලට වැදී ඇති වෙඩි උණ්ඩ පිළිබද නිශ්චිතව ගණන්කිව නොහැකි බවත් විශාල  වෙඩි උණ්ඩ සංඛ්‍යාවක් වැදි ඇති බවද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පවසයි.

යතුරුපැදියේ පිටුපස වාඩිවි ගිය පුද්ගලයාගේ පපුවට වැදී තිබු වෙඩි උණ්ඩවලින් ඔහු මියගොස් ඇති  බවත් අනික් පුද්ගලයා මියගොස් ඇත්තේ මොලයට වැදි තිබු වෙඩි ප්‍රහාරවලින් බවද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර මහතා සදහන් කළා.

පශ්චාත් මරණ පරික්ෂණ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර මහතාගේ අධික්ෂණය යටතේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි පබසරා ගුණසිංහ මහත්මිය හා සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි එච්.ඩි.විරරත්න මහතා විසින් සිදු කරනු ලැබුවා.

හික්කඩුව තිරාණගම ප්‍රදේශයේ දි යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කරුවන් දෙදෙනෙකු විසින් මෙම ද්විත්ව ඝාතනය සිදුකොට තිබුණා.

අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවකට පෙනී සිටිම සදහා යතුරුපැදියකින් යමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු මෙසේ ඝාතනයට ලක්ව තිබුණා.

මෙසේ  ඝාතනය කොට ඇත්තේ අප්පුවාහන්දි ප්‍රසන්න මෙන්ඩිස් සහ හෙන්දහේවගේ ඉසුරු ප්‍රසන්න නැමති අබගහවත්ත  කලුපේ හික්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන්. 

මෙම ද්විත්ව ඝාතනය වු ස්ථානයේ තිබි උණ්ඩ 15ක් පොලිසිය මගින් සෙයාගෙන තිබුණා.

ගාල්ල – ලලිත් චාමින්ද