2023 ජූලි 10, ප.ව. 4:39
කොළඹ ප්‍රදේශයේ ස්ථාන තුනකදී නැවතීමට කළ පොලිස් අණ නොතකා ඩිෆෙන්ඩර් රථයක් පැදවූ සුරූපී තරුණියක් ඇතුළු තරුණියන් තිදෙනෙක් මරදාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි කොළඹ ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසුවා.
මරදාන ඩීන්ස් පාර ප්‍රදේශයේදී අපරික්ෂාකාරී ලෙස මාර්ගයේ ඉදිරියට ධාවනය වෙමින් තිබූ ඩිපෙන්ඩර් රථය නැවතීමට මරදාන පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් සංඥා කර තිබූ අතර ඊට අවනත නොවී මග හැර යාමට එය පැද වූ තරුණිය කටයුතු කර තිබූ බව පොලිසිය කියයි.
වහා ක්‍රියාත්මක වූ රථවාහන අංශයේ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් රථයේ ලියාපදිංචි අංකය සමග මෙහෙයුම් මැදිරිය දැනුම්වත් කිරීමට පියවර ගත් අතර මරදාන ටෙක්නිකල් හන්දියේ දී තවත් පොලිස් නිලධාරීන් පිරිසක් ඩිපෙන්ඩර් රථය රථය නැවතීමට සංඥා කර තිබූ බව එම නිලධාරියා සඳහන් කළා.
ඊට ද අවනත නොවී ඉදිරියට ධාවනය වූ ඩිපෙන්ඩර් රථය කැලෑ පොළ හන්දිය ආසන්නයේ සිටි රථවාහන අංශයේ නිලධාරීන් එය ද නැවතීමට සංඥා කිරීමෙහිදී ඊට අවනත නොවී එහි රියැදුරු ලෙස කටයුතු කළ තරුණිය රථය ඉදිරියට ධාවනය කිරීමේදී ඒ පසුපස හඹා ගිය පොලිස් නිලධාරීන් ට්‍රිපොලි ක්‍රීඩාංගණය අසලදී ඩිපෙන්ඩර් රථය නවතා ගැනීමට සමත් වී තිබූ බව උසස් පොලිස් නිලධාරියා සඳහන් කළා.
එහිදී රියදුරු ලෙස කටයුතු කළ තරුණිය සහ අනිත් තරුණියන් එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් සමඟ බහින් බස් වීමක් සිදුවී තිබුණා.
ඩිපෙන්ඩර් රථය නවතා එහි රියදුරු ලෙස කටයුතු කළ තරුණිය ඇතුළු තරුණියන් තිදෙනා අත්අඩංගුවට ගත් පොලිසිය රියදුරු ලෙස කටයුතු කළ තරුණිය මත් පැන් පානය කර සිටී දැයි පරික්ෂා කිරීමටද කටයුතු කෙරුණා.
අත්අඩංගුවට ගත් තරුණියන් කොළඹ ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක අධ්‍යාපනය ලැබූවන් බවත් නාවල සහ කොළඹ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19 වයස් සීමාවල තැනැත්තියන්ය.
සැකකාර තරුණියන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
මරදාන පොලිසිය පරීක්ෂණ පවත්වනවා.
2023 දෙසැම්බර් 07, ප.ව. 2:45
2023 ඔක්තෝබර් 17, පෙ.ව. 10:33
2023 ඔක්තෝබර් 08, ප.ව. 8:45
2023 සැප්තැම්බර් 18, ප.ව. 8:56
2023 සැප්තැම්බර් 17, ප.ව. 8:19