hit counter

2024 නොවැම්‍බර් මස 27 වන බදාදා

2022 ජූනි 06, ප.ව. 3:58



පුද්ගලික බස්රථවලින් ඩිසල් සොරකම් කිරමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව ගාල්ල වක්වැල්ල ප්‍රදේශයේ පුද්ගලික බස්රථ හිමියන් පවසයි.

ගාල්ල වක්වැල්ල ප්‍රදේශයේ පුද්ගලික බස්රථ සදහා සේවා සපයන ආයතනයක නතර කොට තිබු පුද්ගලික බස්රථ දෙකක ඩිසල් මුඩි කඩා ඩිසල් සොරකම් කරගෙන ගොස්  තිබු බවද  පුද්ගලික බස්රථ හිමියන් පවසනවා.

දින දෙක තුනක් පෝලිම්වල සිට බස්රථවලට සපයා ගන්නා ඩිසල් සොරුන් විසින් සොරකම් කරගෙන යාම නිසා තමන් දැඩි අසරණ තත්වයට පත්ව ඇති බවද පුද්ගලික බස්රථ හිමියන් පවසනවා.

ගාල්ල වක්වැල්ල ප්‍රදේශයේ පුද්ගලික බස්රථ සදහා සේවාසපයන ආයතනයක හිමිකරුවකු මෙන්ම බස්රථ හිමියකු වන  ජස්ටින් කළුපහන මහතා මෙසේ සඳහන් කළා,

“තෙල් සොරකම් කිරිම නිසා පුද්ගලික බස්රථ හිමියන් මේ වන විට ගැටළු රැසකට ලක්වෙලා තියෙනවා. ඉතා අපහසුවෙන් තමයි තෙල් සපයා ගෙන බස් කර්මාන්තය කරගෙන යන්නේ. නමුත් සොරුන්ගෙන් බස්රථවල තියෙන තෙල් ටික ආරක්ෂා කරගන්න විදියක් නැහැ. තෙල් සොරකම් කරගෙන යාමට පැමිණි එක් අයකුගේ යතුරුපැදිය පොලිසියට භාර දුන්නා. සි.සි.ටි වි කැමරාවල තොරතුරු තියෙනවා. මේ ගැන පොලිසියට දැනුම් දිලා තියෙනවා. බස්රථවලින් ලබා ගන්නා ආදායමෙන් තෙල්ගහන එක පමණයි කරන්න පුළුවන්. ලිසිං ගෙවන්න තියෙනවා. තෙල් ටිකත් හොර අරගෙන ගියොත් කොහොමද මේ ව්‍යාපාර කරගෙන යන්නේ.”

පුද්ගලික බස්රථ හිමියකු වන එස්.මංජුල මහතා මෙසේ සඳහන් කළා,

“බස්රථ සදහා ඉතා අමාරුවෙන් තමයි ඩිසල් සපයා ගන්නේ. අපේ ගෙදරත් බස්රථ තුනක් තියෙනවා. විනෝද ගමනක් යන්න බස්රථයකට රුපියල් 60000ක් 70000ක විතර තෙල් ගහලා තිබුනා. තෙල් සොරකම් කරගෙන ගිහින් තිබුනා. මත්කුඩු වලට ඇබ්බැහිවුවන් තමයි මෙම ජාවාරම කරගෙන යන්නේ. බස්රථ හිමියන්ට නිදා ගන්නේ නැතිව බස්රථ ආරක්ෂා කර ගැනිමට සිදු වෙලා තියෙනවා.”

Example Image