2022 නොවැම්‍බර් 21, ප.ව. 1:46
කලක සිට පාසල් දරුවන්ට මත්කරල් මුදලට විකුණූ උපකාරක පන්ති ගුරුවරයෙකු කළුතර දකුණු ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අදාළ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, එහිදී මත්කරල් 1,299ක් සොයා ගෙන තිබෙනවා.
අත්අඩංගුවටගත් සැකකරු 4,5,6, 7 සහ 8 යන ශ්‍රේණි වල දරිවන්ට ගණිතය සහ විද්‍යාව විෂයයන්වලට අදාළව උපකාරක පන්ති පවත්වන පුද්ගලයකු බවයි පොලීසිය සඳහන් කලේ.
දෙදරු පියකු වන සැකකරු කළුතර ප්‍රදේශයේ නිවසක කුලී පදනම මත රැඳීසිටින අයෙක්.
ඔහු මාවනැල්ල ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු බව ද පොලීසිය සඳහන් කළා.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කළුතර දකුණ පොලීසිය වෙත භාරදී තිබෙනවා.
2023 දෙසැම්බර් 07, ප.ව. 2:45
2023 ඔක්‍තෝබර් 17, පෙ.ව. 10:33
2023 ඔක්‍තෝබර් 08, ප.ව. 8:45
2023 සැප්තැම්බර් 18, ප.ව. 8:56
2023 සැප්තැම්බර් 17, ප.ව. 8:19