hit counter

2026 අප්‍රේල් මස 12 වන ඉරිදා

2022 ජූලි 12, ප.ව. 2:29



ඇඹිලිපිටිය පොලීසිය මගින් ඊයේ (11) සිදුකළ වැටලීමකදී හෙරොයින් වර්ගයේ මත්කුඩු 38kg 360g ක් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඇඹිලිපිටිය පොලීසිය  සමත් වී තිබෙනවා.

ඒ මව සහ පුතායි.

ඇඹිලිපිටිය  මූලස්ථාන පොලීසියට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර තිබෙනවා.

සති පොල ඉදිරිපිට තැපැල් නිල නිවස ආසන්නයේ නිවසක කුලියට නැවතී සිටී පිරිසක් මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ.

46 වයසැති කාන්තාවක් සහ ඇයගේ පුතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෙරොයින් තොගය අත්අඩංගුවට පත්වක අවස්ථාවේ ⁣හෙරොයින් ප්‍රවාහනය සදහා පැකට් 36 කට අසුරමින් සිට තිබෙනවා..

මෙම හෙරොයින් මත්කුඩු ඩුබායි සිටින නදුන් චින්තක හෙවත් හරක්කටාගේ විය හැකි බවට පොලීසිය සැක පල කරනවා.

ඒ සම්බන්ධයෙන් මෙ වන විට පරික්ෂණ සිදු කරමින් පවතිනවා.

ඇඹිලිපිටිය  – ප්‍රගීත් ජනක