hit counter

2025 ජනවාරි මස 15 වන බදාදා

2023 අප්‍රේල් 23, ප.ව. 2:02



යාපනය ඩෙල්ෆ් දූපතේ නෙඩුන්තීව් ප්‍රදේශයේ සිදුකෙරුනු පංචා පුද්ගල ඝාතනයට සමබන්ධ ප්‍රධාන සැකකරු අද (23) අලුයම් කාලයේදී අත්අඩංගුවට ගත් බවට ඩෙල්ෆ් පොලීසිය පවසනවා.

ඩෙල්ෆ් පොලීසිය සමග උතුරු පලාත් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී වරයාගේ අධීක්ෂණය යටතේ පත්කල විශේෂ පොලිස් කණ්ඩායම් 03 ක සහභාගීත්වයෙන් සිදුකෙරුණූ විශේෂ පරික්ෂණයක් අතරතුරදී අදාල සැකකරු මෙලෙස අත්අඩංගුවට ගැනීඹ සිදුකොට තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී රන් මාල වළලු හා කරාබු කිහිපයක් තිබී සොයාගැනීමට පොලිස් නිලධාරීන් සමත්ව තිබෙනවා.

මෙම සැකකරු යාපනය පුංකුඩතිව් ප්‍රදේශයේ නිවසක් තුල සැඟව සිටියදී මෙලස අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු 51 හැවිරිදි අයෙකු වෙයි.

මොහු වසර 20 ක් පමණ විදෙස්ගතව සිට පැමිණි අයෙකු බවටත් මෙම පුද්ගලයා මෙම නිවසට නිතර යන එන පුද්ගලයෙකු බවටද තොරතුරු අනාවරනය වී තිබෙනවා.

කෙසේ වෙතත් සැකකරු නිවසේ වයෝවෘද්ද අයගේ රන්භාණ්ඩ කොල්ලකෑමට නිවසට ඇතුල් වූ අවස්ථාවේදී නිවැසියන් විසින් එම පුද්ගලයා හඳුනාගැනීම හේතුවෙන් මෙලෙස ඝාතනය කොට රන්භාණ්ඩද රැගෙන පලා යන්නට ඇතැයි පොලීසිය සැකපල කර සිටිනවා.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණ නියෝගයන් මත රඳවාගෙන වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරන බවටද ඔහු කයිට්ස් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවටච ඩෙල්ෆ් පොලීසිය වැඩිදුරටත් පැවසුවා.

වන්නි – රොමේෂ් මධුෂංඛ