hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 මැයි 05, පෙ.ව. 11:34



යාපනය නල්ලූර් කල්වියන්කාඩු ප්‍රදේශයේදී ඊයේ (04) රාත්‍රියේ තරුණයින් දෙදෙනෙකුට නාදුනන පිරිසක් විසින් තියුණු ආයුධ වලින් පහරදීම හේතුවෙන් දෙදෙනාම බරපතල තුවාල ලබා ඇති බවට යාපනය පොලීසිය පැවසුවා.

කල්වියන්කාඩු සත්තානාර් හින්දු කෝවිල ආසන්නයේදී අදාල පුද්ගලයින් දෙදෙනා යතුරුපැදි දෙකකින් පැමිණ හමු වූ අවස්ථාවේදී එම ස්ථානයට මුහුණු ආවරණය කරගනිමින් යතුරුපැදි 3 කින් පැමිණි 6 දෙනෙකු විසින් තියුණු ආයුධවලින් පහර දී පලා ගොස් තිබුණා.

පහරදීමෙන් බරපතල තුවාල ලැබූ කල්වියන්කාඩු ප්‍රදේශයේම පදිංචි 47 හැවිරිදි දෙදෙනාම යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබෙන බව ඒෂියන් මිරර් වාර්තාකරු පැවසුවා.

පහරදීම සිදුකරන ලද පුද්ගලයින් කව්රුන්දැයි යන්න මෙතෙක් හඳුනාගෙන නොමැත.

අදාල පහරදීම පුද්ගලික ආරවුලක් මත සිදුකරන්නට ඇති බවටත් කිසියම් ආයුධ කල්ලියක පහරදීමක් බවට සැකපල කරන බවටද පරික්ෂණ සිදුකරන යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසුවා.