hit counter

2025 දෙසැම්‍බර් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 28, ප.ව. 2:39



වත්තල, හැඳල ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක් අසළදී 22 හැවිරිදි තරුණයෙකුව ඔහුගේ සුඛෝපභෝගී ජීප් රථයද සමග පැහැරගොස් තිබුණා.

එම ජීප් රථය ජා -ඇල සාප්පු සංකීර්ණයක් අසල දමා යන අයුරු සීසීටීවී කැමරාවක සටහන්ව තිබුණා.

පොලීසිය පැවසුවේ ව්‍යාපාරිකයෙකු වන පියාගෙන් කප්පම් මුදලක් ලබාගැනීමේ අරමුණින් මෙම තරුණයාව පැහැරගෙන ගොස් ඇති බවයි.

අදාළ තරුණයා මුදාහැරීම සඳහා රුපියල් ලක්ෂ 56ක මුදලක් කප්පම්කරුවන් ඉල්ලා තිබෙනවා.

පසුව එම පියා ඒ සම්බන්යෙන් පොලීසිය දැනුවත්කර කප්පම්කරුවන් කියූ පරිදි මුදල් ඔවුන්ගේ බැංකු ගිණුමකට බැරකර තිබෙනවා.

පසුව පැහැරගත් තරුණයාව ත්‍රීරෝද රථයකින් ගෙනැවිත් බැස්සවීමට යාමේදී පොලීසිය සැකකරුවන් දෙදෙනෙක් ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මුදල් බැර කෙරූ සැකකරුවන්ගේ බැංකු ගිණුම අත්හිටුවා සිදුකළ මෙහෙයුමේ දී තවත් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි