hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 31, ප.ව. 3:34



සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටාගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රබල සාමාජිකාවක වන කුඩු රැජින හෙවත් (කුඩු බට්ටි) හා තවත් පුද්ගලයකු රුපියල් ලක්ෂ 15කට අධික වටිනා හොරෙයින් මත්කුඩු සමඟ රාජගිරිය කෝට්ටේ පාරෙදි අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පැවසුවා.

එම සැකකරු හා සැකකාරිය සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 51 මිලිග්‍රෑම් 600 ක් හා ජංගම දුරකථන දෙකක් පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයෙහි නිලධාරීන්ට ලද තොරතුරක් අනුව වැටලීම සිදුකර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුට වයස අවුරුදු 34ක් සහ සැකකාරියට වයස අවුරුදු 40ක්.

ඔහු රාජගිරිය සහ තංගල්ල පදිංචිකරුවන්.

වැඩිදුර විමර්ශන සඳහා වැලිකඩ පොලීසිය වෙත භාරදී තිබෙනවා.

බණ්ඩාරගම – බිමල් ශ්‍යාමන් ජයසිංහ





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: