hit counter

2026 ජනවාරි මස 23 වන සිකුරාදා

2023 මැයි 11, ප.ව. 6:58



තම සේවා ස්ථානයට යාම සඳහා නිවසින් පිටත්ව ගිය තරුණියක් දින පහක් තිස්සේ අතුරුදහන් වී ඇතැයි ගම්පොල පොලිසිය පවසනවා.

මෙලෙස අතුරුදහන් වී සිටින්නේ ඇල්පිටිය පෙදෙසේ පදිංචි ෆාතිමා මුනව්වරා නමැති තරුණියයි.

පසුගිය ඉරිදා දින ඇය තම සේවා ස්ථානයට යාම සඳහා නිවසින් පිටත් වී ගිය අතර එසේ යාමට පෙර ඇය මවගෙන් රුපියල් 100ක මුදලක් පමණක් ඉල්ලාගෙන ගිය බව ඇගේ මව වන සිත්ති සහරා මහත්මිය පවසා තිබුණා.

එසේම මුනව්වරා තමන් සමග හෝ අන්කිසිවෙකු සමගත් කිසිඳු අමනාපයකින් පසු නොවූ බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

 එසේම ඇය නිවසේ සිට යන අයුරු ඇල්පිටිය පල්ලියේ ඇති සීසීටීවී කැමරාවල අවසන් වරට සටහන් වී ඇති අතර ඉන් එහා තිබෙන කැමරාවල හෝ ඇය දුටු අය මෙතෙක් හමු නොවූ බව ඇගේ සොහොයුරා වන මොහමඩ් ඉම්රාන් පවසා තිබුණා.

ගම්පොල පොලිසිය සහ ගම්වැසියන් ඇය සොයා ගම්පොළ වැලිගල්ල ඇල්පිටිය මහවැලි ගඟ ඉවුර ඇතුළු කැලෑබද ප්‍රදේශවල මෙහෙයුමක් දියත් කර තිබෙනවා.