hit counter

2026 ජනවාරි මස 23 වන සිකුරාදා

2023 ජූලි 22, ප.ව. 4:33



හඟුරන්කෙත පොලීසියට තවත් මවක් සහ කුඩා දැරියක් අතුරුදන් වී ඇති බවට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

මෙසේ අතුරුදන් වී ඇත්තේ, හඟුරන්කෙත, හෝප් වතුයායේ පදිංචි 20 හැවිරිදි මවක් සහ අවුරුද්දයි මාස 08ක් වයසැති කුඩා දැරියක්.

අදාළ කාන්තාවගේ මව විසින් ඔවුන් පෙරේදා (20) අතුරුදන්වී ඇති බවට හඟුරන්කෙත පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇත.

එම කාත්තාව සහ ඇගේ කුඩා දියණිය අතුරුදන්වූ දිනයේ ලංගම බස් රථයකින් හඟුරන්කෙත, රිකිල්ලගස්කඩ නගරයට පැමිණ ඇති බව වාර්තා වෙනවා.

හඟුරන්කෙත පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් අදාළ බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයාගෙන් ප්‍රශ්න කර ඇත.

එහිදී ඔවුන් පොලීසිය හමුවේ පවසා ඇත්තේ, එම කාන්තාව සහ දියණිය බස් රථයේ පැමිණි බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් හඟුරන්කෙත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර අඟුරුවාතොට, ඌරුතුඩාව ප්‍රදේශයේ 24 හැවිරිදි මවක් සහ ඇයගේ මාස 11ක් වයසැති කුඩා දියණිය පසුගිය 18 වන දින සිට අතුරුදන්ව තිබූ අතර, ඔවුන් දෙදෙනාගේ මළසිරුරු ඊයේ (21) උදෑසන නිවස අසල පිහිටි ලඳු කැලෑවක තිබී සොයාගෙන තිබුණා.