hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 මාර්තු 24, පෙ.ව. 11:36



මොරටුව දෙල්ගහවත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකුගේ දෙඅත් කපා රැගෙන ගිය සැකකරු නීතීඥවරයෙකු අතින් අල්ලා ගෙන අධිකරණයට භාර කිරීම සඳහා රැගෙන ගිය බව මොරටුව පොලිසිය පවසනවා.

සැකකරු කොරලවැල්ල ප්‍රදේශයේ වයස අවුරුදු හතළිහක පුද්ගලයෙකි ඉකුත් 21 වෙනි දින රාත්‍රී කඩුවක් රැගෙන යතුරු පැදියකින් පැමිණ තිබූ සැකකරු මොරටුව දෙල්ගහවත්ත හන්දිය ප්‍රදේශයේ රැඳී සිටි පුද්ගලයෙකුට පසුපස හඹා යමින් කඩුවෙන් පහර දීමෙන් කටුව අසලින් අත් දෙක වෙන් විය වෙන් වූ ඇඟිලි කොටස් ඇඳ සිටි කමිසයේ දාගෙන සැකකරු පලාගොස් තිබුණා.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මොරටුව පොලීසියේ කණ්ඩායම් කීපයක් සහ තවත් විශේෂ කණ්ඩායම් කිහිපයක් යොදවා තිබුණා.

අද පෙරවරුවේ සැකකරු සිය වාහනයෙන් රැගෙන ආ නීතිඥවරයා සැකකරුගේ අතින් අල්ලාගෙන අධිකරණය තුළට යාම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමට ඒ සිටි පොලිස් නිලධාරීන්ට නොහැකි වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.

බණ්ඩාරගම – බිමල් ශ්‍යාමන් ජයසිංහ