hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2022 නොවැම්‍බර් 08, පෙ.ව. 11:56



පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් නිළ නිවස පිහිටි භූමියට අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව වාද්දුව පොලිසිය පවසනවා.

සැකකරු එදින රාත්‍රි 7 ට පමණ වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ පිහිටි මහේස්ත්‍රාත් නිළ නිවසේ ප්‍රධාන ගේට්ටුවට උඩින් පැන සැගවීමට උත්සාහ දැරීමේදී නිළනිවසේ ආරක්ෂාවට යොදා සිටි පොලිස් නිලධාරීන් විසින් අල්ලා වාද්දුව පොලිසියට භාරදි තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව, තල්පිටිය ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිසිය පෙන්වා දෙන්නේ.

සැකකරු තදින් මත්කුඩු පානයට ඇබ්බැහි වූවකු බවත් ඔහු ඇතුළුවූයේ කුමන කරුණක් සදහාද යන්න සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවත් පොලිසිය කියා සිටියා.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

බිමල් ශ්‍යාමන් ජයසිංහ





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: