hit counter

2024 නොවැම්‍බර් මස 27 වන බදාදා

2022 ජූනි 12, ප.ව. 7:08



මන්නාරම, උයිලන්කුලම නොච්චිකුලම ප්‍රදේශයේ දෙපාර්ශවයක් අතර පෙරේදා (10) ඇති වූ ගැටුමක් අතරතුර තියුණු ආයුධවලින් පහරදීමෙන් සහෝදරයන් දෙදෙනකු ජීවිතක්ෂයටපත්ව තවත් සිව්දෙනකු තුවාල ලබා ඇතැයි මන්නාරම පොලිසිය කියයි.

අදාල සොහොයුරන් දෙදෙනා ඇතුලු පිරිස්ක් තවත් පාර්ශවක් සමග නොච්චිකුලම් ප්‍රදේශයේදී බහින්බස් වීමක් ඇතිව තිබෙන අතර පසුව එය ආරවුලක් දක්වා දුරදිග ගොස් තිබෙනවා.

අනතුරුව දෙපාර්ශවය විසින්ම තියුණු ආයුධවලින් පහරදී ගෙන ඇති අතර එහිදී එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා මන්නාරම් රෝහලට ඇතුලත්කලද ඒ වනවිටත් දෙදෙනාම මිය ගොස් තිබෙනවා.

අදාල ආරවුල උයිලන්කුලම් ප්‍රදේශයේ මීට සතියකට පෙරදී පැවත්වූ තිරික්කල් රේස් තරඟයකිදී ජයග්‍රහණය පිළිබඳව ඇති වූ ගැටලුවක් සම්බන්ධයෙන් මිය ගිය සොහොයුරන් හා තවත් පාර්සවයක් අතර මීට පෙරදීද ආරවුලක් ඇතිව තිබෙන බවත් පසුව නැවත වරක් පසුගිය 10 වනදා සවස ඇති වූ ආරවුල දුරදිග යාමෙන් මෙම මරණ සිදුව ඇති බවටද පොලීසිය විසින් අනාවරණය කොටගෙන තිබෙන්නේ.

පහරදීමෙන් මියගොස් ඇත්තේ උයිලන්කුලම ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සොහොයුරන් වන 45 හැවිරිදි ජේසුදාසන් රාමයියා සහ 34 හැවිරිදි ජේසුදාසන් දේවරාජ් නැමති අයයි.

ඝාතනය වූ අයියා මලෝ දෙදෙනා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවටපත්වූවන් බවට තොරතුරු අනාවනය වී ඇතැයිද පොලිසිය පැවසුවා.

පහරදීමෙන් තුවාල ලැබූවන් මන්නාරම රෝහල වෙත ඇතුලත් කොට ඇති අතර ඔවුන්ගේ තත්වය බරපතල නොවන බවටද පහරදීම් සිදු කල සෙසු පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පරික්ෂණයක් අරඹා ඇතැයිද මන්නාරම් පොලීසිය වැඩිදුරටත් පැවසුවා.

Example Image