hit counter

2024 නොවැම්‍බර් මස 27 වන බදාදා

2022 ජූලි 27, ප.ව. 4:44



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ඇතුළු වී එය ගිනි තැබීමේ සිද්ධියේ තවත් සැකකරුවන් කිහිපදෙනෙකු හඳුනා ගැනීම සඳහා පොලීසිය ජනතාවගේ සහාය ඉල්ලා සිටිනවා.

ඒ අනුව ඔවුන්ගේ ඡායාරූප කිහිපයක් ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් මාධ්‍ය වෙත ලබා දී තිබුණා.

ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු වෙතොත් 0718-594950, 0718-594929, 0112-422176 යන දුරකථන අංක අමතා තොරතුරු ලබා දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔවුන් පිළිබඳ තොරතුරක් දන්නේනම් පොලිසිය දැනුවත් කරන ලෙසයි ඉල්ලා සිටින්නේ.

Example Image