hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2022 ජූනි 03, ප.ව. 8:07



අලු‍ත්ගම – මොරගල්ලේදී සිදු වූ වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

අලු‍ත්ගම – මොරගල්ල – මරදාන මාර්ගයේදී අද උදෑසන වෙඩි තබා ඝාතනය කෙරුණේ පසුගිය සමයේ දැඩි කතාබහට ලක්වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවට ගන්නා මත්කුඩු එහි නිලධාරීන් පිරිසක් විසින් අපරාධකරුවන් සමඟ එක්ව ජාවාරම් කිරීමේ සිද්ධියේ රජයේ සාක්ෂිකරුවෙක් වන 30 හැවිරිදි ගයාන් සම්පත් නැමැති පුද්ගලයායි.