hit counter

2026 මාර්තු මස 21 වන සෙනසුරාදා

2022 ඔක්‍තෝබර් 02, ප.ව. 3:47



මීරිගම, දංඕවිට ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් බස් රථයක ගමන් ගත් 29 හැවිරිදි කාන්තාවක ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

දංඕවිට මත්පැන් අලෙවිසලකට ඊයේ (01) රාත්‍රියේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් එම අලෙවිසල කොල්ලකා පළා යාමට උත්සහ කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව දංඕවිට පොලිසියේ නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණ තිබෙනවා.

එහිදී පළා යාමට උත්සහ කළ කොල්ලකරුවන් සහ පොලිසිය අතර වෙඩි හුවමාරුවක් සිදු වී ඇති බව වාර්තා වෙනවා.

එම අවස්ථාවේ ඒ අසලින් ධාවනය වූ බස් රථයකට ද වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, එහි ගමන් ගත් කාන්තාවකට වෙඩි වැදී මෙලෙස මියගොස් තිබෙනවා.

වෙඩි වැදුණු කොල්ලකරුවන් දෙදෙනෙකු ද රාගම රෝහලේ ප්‍රතිකාර ලබනවා.