hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2022 ඔක්‍තෝබර් 26, ප.ව. 7:48



වැල්ලම්පිටිය කොටුවිල ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය තියුණු ආයුධ ගබඩාවක් වටලා පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

එම ස්ථානයේ තිබී කඩු කිනිසි මන්නා පිහි පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්යය බලකා  මූලස්ථාන කඳවුරට අනුයුක්ත කොළඹ ප්‍රදේශය ආරක්ෂාව සම්බන්ධයෙන් යොදා ඇති දිවා යතුරුපදි සංචාරක රාජකාරි නිලධාරීන්ට ලද තොරතුරක් අනුව වැටලීම සිදුකර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කිසියම් අපරාධයක් සිදු කිරීම සඳහා ආයුධ ගබඩා කර තබන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

සැකකරුවන් වයස අවුරුදු 20 සහ 27 අතර පසුවන දම්පිටිය පදිංචිකරුවන්.