hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2022 අප්‍රේල් 26, ප.ව. 1:25



යාපනය පොම්පෙයිවේලි ප්‍රදේශයේ දී පසුගියදා අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලීසියට රැගෙන ඒමෙන් පසුව සැකකරු විසින් ගෙල කපා ගැනීමෙන් තුවාල ලබා රෝහල්ගත කොට ඇති බවට වාර්තා වෙනවා.

අදාල සැකකරු වරෙන්තු කරුවෙකු වන බැවින් ඔහු අත්අඩංගුවට ගෙන යාපනය පොලීසියට රැගෙන ඒමෙන් අනතුරුව ඔහු විසින් සිරුරේ සඟවාගෙන සිටි බ්ලේඩ් තලයකින් සිය ගෙල ප්‍රදේශය කපා ගැනීම හේතුවෙන් තුවාල ලැබීමෙන් සැකකරු රෝහලට රැගෙන යාමට පොලිස් නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

අදාල සැකකරුගේ තත්වය බරපතල නොවන බැවින් සැකකරුට ප්‍රතිකාර කොට යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂණ සිදු කරන යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසුවා.