hit counter

2025 ඔක්‍තෝබර් මස 28 වන අඟහරුවාදා

2023 ජූනි 17, ප.ව. 3:14



ඉදිරියේදී “කොරෝනා 2” වසංගතය ඇති වන බවට ලන්ඩන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඩේවිඩ් ඇලැක්සැන්ඩර් අනතුරු අඟවා තිබෙනවා.

ඔහු මේ බව පවසා ඇත්තේ කොරෝනා වසංගතය පිළිබඳ ලන්ඩන් නුවරදී පැවැති පරීක්‍ෂණයක් අමතමින්.

මහාචාර්යවරයා එහිදී සඳහන් කළේ “කොරෝනා 2” වසංගතය වැළැක්විය නොහැකි වනු ඇති බවයි.

මෙම වසංගතයෙන් බ්‍රිතාන්‍ය ජනතාව බේරා ගැනීමට නොහැකි වනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

මෙවර වෛරසය කුමන ස්ථානයකින් ආරම්භ වනු ඇද්දැයි මෙතෙක් හෙලි වී නැති බවද හෙතෙම සඳහන් කර තිබෙනවා.

මෙම පරීක්ෂණය සඳහා සාක්ෂි දීමට හිටපු අගමැති ඩේවිඩ් කැමරන් ද කැඳවා තිබින.