hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2023 ජූලි 11, ප.ව. 4:16



පුද්ගලයින් 06 දෙනෙක් ගමන් කරමින් සිටි හෙලිකොප්ටර් යානයක් නේපාලයේදී අතුරුදන්වී තිබෙනවා.

එම යානය කත්මණ්ඩු නුවර සිට සොලුකුම්බු දක්වා පියාසර කරමින් තිබියදී පාලක මැදිරිය සමග සම්බන්ධතාවය බිඳීගොස් තිබුණා.

එරට වේලාවෙන් අද උදෑසන 10ට පමණ එම සිද්ධිය සිදුවී තිබෙනවා.

අදාළ හෙලිකොප්ටර් යානයේ ගමන් කළ මගීන්ගෙන් 05 දෙනෙක් විදෙස් ජාතිකයින් වන අතර අනෙක් පුද්ගලයා යානයේ නියමුවා බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.