2023 අගෝස්‍තු 03, ප.ව. 10:52
තම සංවිධානයේ නායක අබු අල්-හුසේන් අල්-හුසේනි අල්-කුරේෂි සිරියාවේදී මියගිය බව ISIS සංවිධානය තහවුරු කර තිබෙනවා.
එම සංවිධානයේ ප්‍රකාශකයකු ටෙලිග්‍රෑම් චැනල් ඔස්සේ සඳහන් කර තිබුණේ සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රදේශයේදී තුර්කියේ සහය ලබන හයාට් තහ්රීර් අල්-ශාම් සංවිධානය සමග වූ ගැටුමකදී තම නායකයා මියගිය බවයි.
කෙසේ වෙතත් මෙම මරණය කෙදිනක සිදුවූයේ දැයි එම ප්‍රකාශකයා සඳහන් කර නැහැ.
මේ අතර තම සංවිධානයේ ප්‍රකාශකයකු වූ අබු උමර් අල්-මුජහිර්, හයාට් තහ්රීර් අල්-ශාම් සංවිධානය විසින් අල්ලාගෙන ඇති බව ද ISIS ප්‍රකාශකයා තහවුරු කළා.
තවද, නව ISIS නායකයා ලෙස අබු හෆ්ස් අල්-හෂෙමි අල්-කුරේෂි පත් කරනු ලැබ ඇතැයි ද එම සංවිධානය පවසා තිබෙනවා.
අබු අල්-හුසේන් අල්-හුසේනි අල්-කුරේෂි යනු, දිගු ISIS කලක් නායකයාව සිට ඇමරිකානුවන් අතින් ඝාතනය වූ අබුබකර් අල්-බග්දාදිගේ මරණින් පසු එම සංවිධානයේ නායකයා ලෙස පත්වූ තෙවැන්නා බව විශ්වාස කෙරෙනවා.
සංවිධානයේ නායකයා ගැටුමකදී මියගිය බවට මීට සති කිහිපයකට පෙර තුර්කි ජනාධිපති රචෙප් තයෙප් අර්දොවාන් සඳහන් කර තිබුණා.
2025 මාර්තු 13, ප.ව. 1:57
2025 මාර්තු 12, ප.ව. 11:08
2025 මාර්තු 12, පෙ.ව. 11:18
2025 මාර්තු 11, ප.ව. 10:04
2025 මාර්තු 09, ප.ව. 11:58