hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 අගෝස්‍තු 03, ප.ව. 10:52



තම සංවිධානයේ නායක අබු අල්-හුසේන් අල්-හුසේනි අල්-කුරේෂි සිරියාවේදී මියගිය බව ISIS සංවිධානය තහවුරු කර තිබෙනවා.

එම සංවිධානයේ ප්‍රකාශකයකු ටෙලිග්‍රෑම් චැනල් ඔස්සේ සඳහන් කර තිබුණේ සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රදේශයේදී තුර්කියේ සහය ලබන හයාට් තහ්රීර් අල්-ශාම් සංවිධානය සමග වූ ගැටුමකදී තම නායකයා මියගිය බවයි.

කෙසේ වෙතත් මෙම මරණය කෙදිනක සිදුවූයේ දැයි එම ප්‍රකාශකයා සඳහන් කර නැහැ.

මේ අතර තම සංවිධානයේ ප්‍රකාශකයකු වූ අබු උමර් අල්-මුජහිර්, හයාට් තහ්රීර් අල්-ශාම් සංවිධානය විසින් අල්ලාගෙන ඇති බව ද ISIS ප්‍රකාශකයා තහවුරු කළා.

තවද​, නව ISIS නායකයා ලෙස අබු හෆ්ස් අල්-හෂෙමි අල්-කුරේෂි පත් කරනු ලැබ ඇතැයි ද එම සංවිධානය​ පවසා තිබෙනවා.

අබු අල්-හුසේන් අල්-හුසේනි අල්-කුරේෂි යනු, දිගු ISIS කලක් නායකයාව සිට ඇමරිකානුවන් අතින් ඝාතනය වූ අබුබකර් අල්-බග්දාදිගේ මරණින් පසු එම සංවිධානයේ නායකයා ලෙස පත්වූ තෙවැන්නා බව විශ්වාස කෙරෙනවා.

සංවිධානයේ නායකයා ගැටුමකදී මියගිය බවට මීට සති කිහිපයකට පෙර තුර්කි ජනාධිපති රචෙප් තයෙප් අර්දොවාන් සඳහන් කර තිබුණා.