2025 අප්‍රේල් 22, පෙ.ව. 10:12
ආඝාත තත්ත්වයක් සහ හෘදයාබාධයක් හේතුවෙන් 88 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වූ බව වතිකානය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් වතිකානු රාජ්‍යයේ සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා විසින් නිල වෛද්‍ය සහතිකය නිකුත් කර ඇති බව සඳහන්.
එම වෛද්‍ය වාර්තාවට අනුව පාප් වහන්සේට නියුමෝනියාව, අධි රුධිර පීඩනය, දියවැඩියා තත්ත්වයක් ඇතුළු පෙර රෝග ඉතිහාසයක් තිබූ බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
මේ අතර, වතිකානයේ වැඩ බලන ප්‍රධානි හෙවත් කැමර්ලෙන්ගෝවරයා ලෙස කාදිනල් කෙවින් ෆැරල් නම් කර ඇති බව වාර්තා වනවා.
එමෙන්ම ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ අවසන් කටයුතු සිදුකිරීම සඳහා රෝමයේ පිහිටි සාන්ත මරියා මැජෝරි දේවස්ථානය සූදානම් කරමින් පවතින බවයි සඳහන් වන්නේ.
ඒ, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ අවසන් කැමැත්තට අනුවයි.
ඒ අනුව පාප්වරයෙකුගේ අවසන් කටයුතු වතිකානයෙන් පිටත සිදුකෙරෙන්නේ වසර 100 කට පමණ පසුව වීම ද විශේෂය.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පාප්වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සිදු කෙරෙන ආකාරය සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා කාදිනල්හිමිවරුන්ගේ මණ්ඩලය අද (22) රැස්වීමට නියමිත බවයි.
ඒ අනුව අදාළ කාදිනල් හිමිවරුන්ගේ මණ්ඩලය වතිකානු නගරයේ සිනොඩ් ශාලාවේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බව සඳහන්.
2025 අප්‍රේල් 21, ප.ව. 2:18
2025 අප්‍රේල් 20, ප.ව. 7:06
2025 අප්‍රේල් 08, ප.ව. 5:41
2025 අප්‍රේල් 03, ප.ව. 8:58
2025 මාර්තු 31, ප.ව. 5:53
22-04-25
22-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
21-04-25
20-04-25
20-04-25
17-04-25
17-04-25
16-04-25
16-04-25
13-04-25
13-04-25
13-04-25
13-04-25
11-04-25
11-04-25
11-04-25
11-04-25