2024 ජනවාරි 19, ප.ව. 9:51
රුසියාවෙන් මධ්‍යම අප්‍රිකා ජනරජය වෙත ප්‍රදානය කරන ලද ධාන්‍ය ටොන් 50,000 ක් කැමරූනයේ දුවාලා වරාය කරා ළඟා වී තිබෙනවා.
බදාදා දිනයේ නැව් දෙකකින් ගෙනෙන ලද එම ධාන්‍ය තොග මේ වනවිට ද ගොඩබාමින් ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර මාලි රාජ්‍යයට ප්‍රදානය කෙරුණ ධාන්‍ය ටොන් 25,000 ක් නොබෝදා ගිනියාවේ කොනක්‍රි වරාය හරහා මාලි වෙත යවනු ලැබුණා. පසුගිය වසරේ ද එරටට ධාන්‍ය තොග තුන් වරක් යවා ඇති අතර පොහොර ද ටොන් 22,000 ක් ප්‍රදානය කෙරුණ බව රුසියානු විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා මාරියා සහරවා පවසනවා.
2025 අගෝස්‍තු 02, පෙ.ව. 9:07
2025 අගෝස්‍තු 02, පෙ.ව. 8:59
2025 ජූලි 31, ප.ව. 11:15
2025 ජූලි 30, පෙ.ව. 9:13
2025 ජූලි 28, ප.ව. 11:38