hit counter

2024 මැයි මස 17 වන සිකුරාදා

2024 ජනවාරි 19, ප.ව. 9:51



රුසියාවෙන් මධ්‍යම අප්‍රිකා ජනරජය වෙත ප්‍රදානය කරන ලද ධාන්‍ය ටොන් 50,000 ක් කැමරූනයේ දුවාලා වරාය කරා ළඟා වී තිබෙනවා.

බදාදා දිනයේ නැව් දෙකකින් ගෙනෙන ලද එම ධාන්‍ය තොග මේ වනවිට ද ගොඩබාමින් ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර මාලි රාජ්‍යයට ප්‍රදානය කෙරුණ ධාන්‍ය ටොන් 25,000 ක් නොබෝදා ගිනියාවේ කොනක්‍රි වරාය හරහා මාලි වෙත යවනු ලැබුණා. පසුගිය වසරේ ද එරටට ධාන්‍ය තොග තුන් වරක් යවා ඇති අතර පොහොර ද ටොන් 22,000 ක් ප්‍රදානය කෙරුණ බව රුසියානු විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා මාරියා සහරවා පවසනවා.