hit counter

2025 දෙසැම්‍බර් මස 17 වන බදාදා

2025 දෙසැම්‍බර් 02, ප.ව. 12:23



දන්යෙත්ස්ක් පළාතේ පක්‍රොව්ස්ක් නගර මධ්‍යයෙහි ශිබාන්කෆ් චතුරශ්‍රයෙහි රුසියානු ධජය එසැවූ බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය වාර්තා කර තිබෙනවා.

උපක්‍රමික වශයෙන් වැදගත් නගරයක් වන පක්‍රොව්ස්ක් මෙන්ම ඒ ආසන්නයේ පිහිටි මීර්නග්‍රද් යන නගරවල බොහෝ ප්‍රදේශයන් මේ වනවිට රුසියානු හමුදා අතට පත්ව තිබෙනවා.

යුධ පෙරමුණෙන් ලැබෙන වාර්තා අනුව කියැවුණේ මීර්නග්‍රද් හි උතුරුදිග ප්‍රදේශයෙහි යුක්‍රේනියානුවන් 2000 ක් පමණ වටලනු ලැබ සිටින බවයි.

මේ අතර පක්‍රොව්ස්ක් නගරයට උතුරින් ඇති දබ්රපෝල්යෙ ප්‍රදේශය ද මේ වනවිට රුසියානුවන් විසින් අත්පත් කරගෙන ඇතැයි රුසියානු මූලාශ්‍ර වාර්තා කරනවා.

නොවැම්බර් මාසය තුළ රුසියානුවන් විසින් වර්ග කිලෝමීටර් 505 ක භූමි ප්‍රදේශයක් අත්පත් කරගෙන ඇතැයි යුක්‍රේනයේ ඩීප් ස්ටේට් ආයතනය සඳහන් කළා.

එයින් සියයට 40 ක ප්‍රදේශයක් අත්පත් කරගෙන ඇත්තේ සපරෝශියා පළාතේ ගුල්යායිපල්යේ ප්‍රදේශයේ යි.