hit counter

2026 පෙබරවාරි මස 14 වන සෙනසුරාදා

2022 සැප්‍තැම්‍බර් 28, ප.ව. 1:58



ලොව ප්‍රකට සංගීත තරුවක් වන ශකිරාට එරෙහිව යුරෝ මිලියන 14.5 බදු වංචාවක් සම්බන්ධයෙන් ස්පාඤ්ඤ අධිකරණයේ නඩුවක් ගොනුකර තිබෙනවා.

බාසිලෝනා අධිකරණයක් විසින් ශකිරාට බදු අපරාධ 6ක් සම්බන්ධයෙන් නඩු විභාගයට පෙනී සිටින ලෙස නියෝග කර ඇතත් නඩුව විභාගවන වන දිනයක් මෙතෙක් නියම කර නැහැ.

ස්පාඤ්ඤ බලධාරීන්ට අවශ්‍ය වන්නේ සුපිරි තරුව වසර අටකට සිරගත කිරීමට සහ ඇය වැරදිකරු වුවහොත් ඇයට යුරෝ මිලියන 23.8 ක දඩයක් පැනවීමටයි.

45 හැවිරිදි ශකිරා පවසන්නේ තමන් කිසිඳු වරදක් සිදු නොකර බවයි.