2026 මාර්තු 27, ප.ව. 2:14
ඉරානය සමග මතුව ඇති ගැටුම්කාරී තත්ත්වය හමුවේ දැනට ඉදිරිපත්ව ඇති සාකච්ඡා සඳහා වන යෝජනා අසාර්ථක වුවහොත් එරටට එරෙහිව බෝම්බ හෙළීමේ දැවැන්ත මෙහෙයුමක් සහ සීමාසහිත ගොඩබිම් ප්‍රහාර දියත් කිරීම පිළිබඳ ඇමරිකානු බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.
මීට සමගාමීව දැනට ප්‍රදේශයට එවා ඇති මැරීන් භටයන් සහ 82 වන එයාර්බෝර්න් ඩිවිෂන භටයන්ට අමතරව තවත් හමුදා සාමාජිකයන් 10,000 ක් එවීමේ සැලැස්මක් ද වන බවයි ඇමරිකානු මාධ්‍ය වාර්තා කියා සිටියේ.
හොර්මුස් සමුද්‍ර සන්ධිය විවෘත කරගැනීම සඳහා හෝ එහි පාලනය තමන් සතු කරගැනීම සඳහා හෝ ඇමරිකානු හමුදා මෙහෙයුම් දියත් කිරීමට සැලසුම් සකස් වී තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙහිදී විකල්ප කිහිපයක් සලකා බලා ඇති අතර කාර්ග් දූපත අල්ලාගැනීම, ලරාක් දූපත අල්ලාගැනීම, අබු මුසා දූපත හා ඒ ආසන්න තවත් දූපත් දෙකක් අල්ලාගැනීම සහ හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන ඉරාන නෞකා අත්පත් කරගැනීම යන විකල්පයන් ඒ අතර වනවා.
කාර්ග් දූපත යනු ඉරාන තෙල් අපනයනයන්ගෙන් සියයට 90 ක් නිකුත් කෙරෙන දිවයිනයි. එයට මෑතකදී ඇමරිකානු ප්‍රහාර එල්ල වුණා. නමුත් එහි නැවත යම් යම් ආරක්ෂක සංවිධානයන් සිදුවන බව පෙනී යනවා.
ලරාක් දිවයින හෝර්මුස් සමුද්‍ර සන්ධියෙහි පිහිටි කුඩා නමුත් උපායමාර්ගිකව වැදගත් දිවයිනක්. අබු මුසා දිවයින ද එවැන්නක්. එයට එක්සත් අරාබි එමිරේටය ද අයිතිවාසිකම් කියා සිටිනවා.
2026 මාර්තු 18, ප.ව. 5:47
2026 මාර්තු 16, ප.ව. 1:17
2026 මාර්තු 16, ප.ව. 1:00
2026 මාර්තු 14, ප.ව. 2:54
2026 මාර්තු 14, ප.ව. 2:37